මේක කිසිම කෘෂි රසායනිකයක් නැති ඖෂධීය පානයක්. වෙළද පොලේ තියෙන විවිධ රාසායනික වර්ග දාලා හදන බීම වර්ග අපි කාගෙන්වත් අහන්නේ නැතුව බොනවා. ඒ වගේමයි අපි උදේම නැගිට්ට හැටිය වක්කරලා බොන කොළේ දන්නවනේ, ඒක බොන්නත් අපි කාගෙන්වත් අහන්නේ නැහැ. මුරුංගා කියන්නේ ඊට වඩා හොද ඖෂධීය පානයක්. මම බොන්නේ දවසක් ඇර දවසක්, බඩේ කටේ තුවාල තියන අය රෑට එක කෝප්පය ගානේ දවස් 7ක් බීලා බලන්න. තුවාල සුව වුනාට පස්සේ සතියට එකක් බොන්න. බර අඩු කරගන්න දවසක් ඇර දවසක් රැට නිදියන්න ඉස්සෙල්ලා මාසයක් බොන්න.ඊට පස්සේ බර කිරලා බලන්න උසේ හැටියට බර අඩු වුනානම්, සතියට සැරයක් වගේ බොන්න.
අපේ අම්මා බර අඩු කරගත් එක රහසක් හෙලි කරයි
Amazingly healthy weight loss drink by Apé Amma
